ඌව පළාතේ මොණරාගල දිස්ත්රික්කයේ වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිල්ල ග්රාමයේ පිහිටා ඇත.
වැල්ලවාය පොතුවිල් මාර්ගයේ සැතපුම් 174 කණුව අසළින් දකුණට ඇති වත්තේගම දක්වා දිවෙන මාර්ගයේ සැතපුම් 12 ½ ක් ගිය විට මෙම ස්ථානය හමු වේ.
කොටියාගල ජනපදයට සැතපුම් 06 ක් පමණ දකුණෙන් වු ඝන වනාන්තරය මැද පිහිටි මෙම ස්ථානයේ සැතපෙන බුද්ධ ප්රතිමාවක් සහ සිතුවම් සහිත ලෙන් විහාරයක් දක්නට ලැබේ. සැතපෙන පිළිමය ගඩොල් හා මැටි බදාමයෙන් සකසා හුණු කපරාරු කොට තැනුවකි. නිදන් සොරුන්ගේ ග්රහණයට හසුව ප්රතිමාවේ ඇතැම් කොටස් විනාශ වී ඇත. ලෙන් පියස්ස විසිතුරු සිතුවමින් යුක්ත වන අතර බුදු සිරසට ඉහළ රතු පසුබිමෙහි මල් රටාවන් සහ ඇත් රූප සිතුවමට නගා ඇත. මෙහි ඇති විසිතුරු සිතුවම් අතර, විවිධ මල් හා මල් රටා, සීගිරි ළඳුන්ට සමාන රූප, විවිධ මානව රූප සහ සත්ව රූප දක්නට ලැබේ.