ඔබ මෙතනයි : මුල් පිටුව සම්බන්ධීත ආයතන

සම්බන්ධීත ආයතන

හින්දු සංස්කෘතික අරමුදල

හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු ස්වාධීනව ප්‍රවර්ධනය කිරීම සඳහා 1985 අංක 31 දරන පනතින් හින්දු සංස්කෘතික අරමුදල පිහිටුවන ලදී.

හින්දු සංස්කෘතික අරමුදල කළමනාකරණය කරනු ලබන්නේ පාලක මණ්ඩලයක් විසිනි. නිල බලයෙන් පත්වන සාමාජිකයන් තිදෙනෙකුගෙන් ද ගරු අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් ද පාලක මණ්ඩලය සමන්විත වේ.

හින්දු සංස්කෘතික අරමුදලේ පරමාර්ථවලට පහත සඳහන් කරුණු ඇතුළත් වේ.

  • හින්දු කෝවිල්වල සහ හින්දු ආයතනවල කටයුතු නගා සිටුවීම සඳහා මුදල් ආධාර සහ වෙනත් ආධාර සැපයීම.
  • හින්දු කෝවිල් ඉදි කිරීම සහ නවීකරණය සඳහා මුදල් ආධාර සහ වෙනත් ආධාර සැපයීම.
  • හින්දු ආගම හා සම්බන්ධ අධ්‍යයනවලට සහ පර්යේෂණවලට මුදල් ආධාර සහ වෙනත් ආධාර සැපයීම.
  • වෙනත් හින්දු ආගමික හෝ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනයට සහාය වීම.

මෙම අරමුදලට මුදලින් දායකවනු කැමති අයට පහත සඳහන් පරිදි කෙළින්ම බැංකු ගිණුම්වලට මුදල බැර කිරීමෙන් එසේ කළ හැකිය.

බැංකුවේ නම සහ සංකේතය ලංකා බැංකුව - 7010
ශාඛාවේ නම සහ සංකේතය මිලාගිරිය ශාඛාව - 593
නම සහ ගිණුම් අංකය හින්දු සංස්කෘතික අරමුදල - 0001991680
Swi‍ft සංකේතය BCEYLKLX

පරිපාලන මණ්ඩලය, ශ්‍රී කන්දස්වාමි කෝවිල, පානදුර

පානදුර ශ්‍රී කන්දස්වාමි කෝවිල පිහිටා ඇත්තේ කොළඹ ප්‍රධාන නගරයේ සිට කිලෝමීටර් 25 ක් දුරින් ගාලු පාර අබියසය. පානදුරේ දිසා විනිසුරු සේවය කළ ස්පෙන්සර් රාජරත්නම් මහතාගේ මූලිකත්වයෙන් ප්‍රදේශයේ හින්දු ව්‍යාපාරික ජනතාව පිරිනැමූ මුදල් ආධාරවලින් සහ ප්‍රදේශවාසීන් දැක් වූ සහයෝගය සහ දිරිගැන්වීම් මත මෙම කෝවිල 1952 වර්ෂයේදී ඉදි කරන ලදී. පූජා වතාවත් හින්දු පූජකවරයකු විසින් පවත්වනු ලැබේ.

ජනවාර්ගික අරගල සහ සිවිල් කැලඹිලි පැවති සමයේදී මෙම කෝවිලට හානි සිදු වූ අතර පූජකවරුනට ද පීඩා සිදුවිය. එහි ප්‍රතිඵලයක් පූජාවතාවත් පැවැත්වීම අත්හැර දමන ලදී.

2008 වර්ෂයේදී මෙම කෝවිල මෙම දෙපාර්තමේන්තුව භාර ගෙන හින්දු සම්ප්‍රදායවලට අනුකූලව පූජා වතාවත් සිදු කිරීම සඳහා හින්දු පූජකවරු දෙදෙනෙක් ද පත් කරනු ලැබූහ. විශාල ප්‍රමාණයේ අලුත්වැඩියාවලින් පසු කුම්භාභිෂේකය 2010.07.16 වැනි දින සිදු කරන ලදී.

පරිපාලන මණ්ඩලය, තිරුමුරිකණ්ඩි කෝවිල, තිරුමුරිකණ්ඩි

ශ්‍රී ලංකාවේ පැරණිතම කෝවිලක් වන මෙම යාපනය A9 මර්ගයේ අසබඩ මාන්කුලම් සහ කිලිනොච්චි අතර පිහිටා තිබේ. මේ මාර්ගයේ ගමන් කරන සියලු දෙනාම මෙම ස්ථානයෙහි නැවතී මෙම කෝවිලට වැඳපුදා යති. වෙනත් ආගම්වල බැතිමත්හු ද මෙම කෝවිලෙහි වැඩ සිටින ගණේශ දෙවියන්ට පුද පූජා පවත්වා යති.

සිවිල් යුද සමය තුළ මෙම කෝවිලට සහ ඒ අවට යටිතල පහසුකම් වලට අලාභහානි සිදු වී තිබේ. දැන් තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට පැමිණ ඇති බැවින් මෙම කෝවිල පවත්වා ගෙන යාම සඳහා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ද හින්දු සංස්කෘතික අරමුදලේ සාමාජිකයන් ද මුලතිවු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් ද එක්ව කළමනාකරණ මණ්ඩලයක් පිහිටුවා තිබේ.

අවසන් යාවත්කාලීන කිරීම ( 2011 මාර්තු 27 වෙනි ඉරිදා, 06:19 )