ඔබ මෙතනයි : මුල් පිටුව සේවා

සේවා

වැඩි විස්තර සදහා මතෘකාව මත ක්ලික් කරන්න

කෝවිල්

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක තිබෙන හින්දු කෝවිල් දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කළ යුතුය. එම කෝවිල් හින්දුන් විසින් පමණක් පරිපාලනය කිරීම ඉතා වැදගත් ය.

කෝවිලක් ලියාපදිංචි කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරෙන අයදුම් පතක් පුරවා එම අයදුම්පත සමග පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

  • කෝවිල් පාලන කමිටුවේ නිලධාරී මණ්ඩලය තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වුණු මහා සභා රැස්වීමේ වාර්තාවේ පිටපතක්.
  • කමිටුව පිළිබඳ විස්තර
  • අනුමත ව්‍යවස්ථාව
  • කාර්ය සැලැස්ම
  • ගිණුම් වාර්තා (මාසික සහ වාර්ෂිකව)
  • හින්දු ආගමික පාසල් පිළිබඳ විස්තර
  • බැංකු ගිණුමක් තිබේ නම් එහි අංකය

ඉහත සඳහන් විස්තර වෙනම කඩදාසිවල පිළියෙල කොට පැමිණිය යුතුය

ඉතා වැදගත්

කෝවිල ස්වකීය ප්‍රදේශය තුළ පිහිටා ඇති බවට ග්‍රාම නිලධාරියාගෙන් / දිස්ත්‍රික් සංවර්ධන නිලධාරියාගෙන් ලිපියක් / ලියවිල්ලක් ලබා ගෙන එවීම අනිවාර්ය වේ. කෝවිල පිහිටා ඇත්තේ වත්තක නම් වත්තේ කළමනාකරුගෙන් ලිපියක් ලබාගෙන අයදුම්පතට අමුණා එවිය යුතුය.

ලියාපදිංචි වීමේ ඉල්ලුම්පත්‍ර ආකෘතිය ලබා ගැනීමට මෙහි මෙහි ක්ලික් කරන්න.

අරනරි

අරනරී පාසල දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරවීමේ එම පාසලේ වගකිය යුත්තන්ගෙන් අපේක්ෂා කරනු ලැබේ.ත අරනරී පාසල කළමනාකරණය කළ යුත්තේ කෝවිල යටතේ හෝ දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වී සිටින සංවිධානයක් විසිනි. (දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි නියමිත කෘතියෙහි. ඉල්ලිම ඉදිරිපත් කළ යුතුය. ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රය මෙතැන ක්ලික් කර ලබා ගන්න.

ලියාපදිංචි වීමේ ඉල්ලුම්පත්‍ර ආකෘතිය ලබා ගැනීමට මෙහි ක්ලික් කරන්න.

හින්දු සංවිධානය

හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා පිහිටුවා ගෙන ඇති හින්දු ආගමික සහ සංස්කෘතික සංවිධානය මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ. එබඳු සංවිධානවල සියලුම සාමාජිකයන් හින්දූන් වීම අනිවාර්ය වේ.

හින්දු ආගමික සංවිධානයක් ලියාපදිංචි කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි අයදුම් පතක් පුරවා පහත සඳහන් ලියකියවිලි සමඟ එවිය යුතුය.

  • ආරම්භක මහා සභා රැස්වීමේ වාර්තාව
  • තෝරාපත් කර ගත් නිලධාරී මණ්ඩලය පිළිබඳ විස්තර
  • අනුමත ව්‍යවස්ථාව
  • කාර්ය සැලැස්ම
  • ගිණුම් විස්තර
  • හින්දු අරනරි පාසලක් පැවැත්වේ නම් එහි විස්තර
  • බැංකු ගිණුමක් තිබේ නම් එහි අංකය.
ඉතා වැදගත්

අදාළ හින්දු සංවිධානය තම ප්‍රදේශයෙහි පිහිටා ඇති බවට ග්‍රාම නිලධාරීගෙන් / දිස්ත්‍රික් සංවර්ධන නිලධාරියාගෙන් ලිපියක් / ලියවිල්ලක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

කෝවිල් නවීකරණය කිරීම.

දෙපාර්තමේන්තුවේ තිබෙන වෙන්කළ මුදල් ප්‍රමාණය අනුව සුලු මුදල් ප්‍රමාණයක් හින්දු කෝවිල් නවීකරණය කිරීම සඳහා, කෝවිල් බලධාරීන් ඉල්ලා සිටි විට දෙනු ලැබේ. අදාළ ‍කෝවිල දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි එකක් විය යුතුය.

දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැකි ආකෘති පත්‍රයක් මගින් මුදල් ආධාර ඉල්ලා සිටිය යුතු අතර පහත සඳහන් ලියකියවිලි ඒ සමග ඉදිරිපත් කළ යුතුය.

  • කෝවිල ලියාපදිංචි කිරීමේ සහතිකය.
  • කෝවිල් කමිටුව පිළිබඳ විස්තර කෝවිල් ලිපි ශීර්ෂයක සඳහන් කොට සභාපති සහ ලේකම්ගේ අත්සන් සහිතව එවීම.
  • නවීකරණ කටයුතුවල විස්තර සඳහන් කොට කෝවිල් බලධාරීන්ගේ ඉල්ලීම ඇතුළත් ලිපිය.
  • කාර්මික නිලධාරියා විසින් ‍හෝ මූර්ති ශිල්පියා විසින් අනුමත කර ඇති ඇස්තමේන්තුවක්.
  • නවීකරණයේ ප්ලෑනක්.
  • බැංකු ගිණුම් පොත් ප්‍රධාන පිටුවල ඡායා පිටපත්.
ඉතා වැදගත්

අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී විසින් සහ ප්‍රාදේශීය ලේකම් විසින් ඉල්ලුම් පත්‍රය සහතික කර තිබීම අනිවාර්ය වේ.

හින්දු අනාථ නිවාසවල ප්‍රවර්ධන කටයුතු

හින්දු ආයතන මගින් පවත්වා ගෙන යන වැඩිහිටි හා ළමා නිවාස මෙම දෙපාර්තමේන්තුවෙහි ලියාපදිංචි කරනු ලැබේ. වැඩිහිටියන් හා ළමයින් පිළිබඳ විස්තර මෙම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින අතර ඒවා වාර්ෂිකව භාරගනු ලැබේ.

වැඩිහිටියන්ගේ සහ ළමයින් සංඛ්‍යාව සලකා බලා. ගෘහභාණ්ඩ, උපකරණ, රෙදී ආදී නිශ්චිත ප්‍රයෝජනයක් සඳහා සුලු මුදල් ආධාර ප්‍රමාණයක් දෙනු ලැබේ.

අරනරි සඳහා ගෘහභාණ්ඩ මිලදී ගැනීම

මේ සඳහා අරනරි පාසලක් විසින් ඉල්ලීමක් කළ යුතුය. එක් පාසලකට රු.30,000ක මුදලක් මේ කාර්යය සඳහා ප්‍රදානය කරනු ලැබේ.

හින්දු ආයතන නවීකරණය කිරීම

තමන්ගේ ම ගොඩනැගිලි තිබෙන ආයතනයකට නවීකරණ කටයුතු සඳහා සුලු මුදල් ප්‍රදානයක් ලබා දෙන අතර ආයතන විසින් සංවිධානය කරනු ලබන හින්දු ආගමික කටයුතු සඳහා ද මුදල් ආධාර දෙනු ලැබේ.

අරනරි ගුරුවරුන් සඳහා විශේෂ දීමනා

හැම අවුරුද්දක් පාසා මෙම දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන අරනරි ගුරු විභාගයට පෙනී සිටි සෑම අරනරි පාසල් ගුරුවරයකුටම වර්ෂයකට රු.2000/- ක මුදලක් දෙනු ලැබේ.

අරනරි පාසල්වල ගුරුවරුන් සහ ශිෂ්‍යයන් සඳහා විභාග ‍පවත්වනු ලැබේ. දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විභාග පහත සඳහන් වේ.

අරනරි ගුරු විභාගය

අරනරි පාසල් ගුරුවරුන්ගේ දෙමළ සහ ආගම් දැනුම වැඩි දියුනු කිරීමේ අටියෙන් හැම වර්ෂයක් පාසාම මෙම විභාග පවත්වනු ලැබේ.

අරනරි ශිෂ්‍යයන් සඳහා  සාමාන්‍ය දැනීමේ විභාගය

අරනරි පාසල් සිසුනට ආගමික් අධ්‍යාපනය ලබාදීමේ අටියෙන් මෙම විභාග හැම වර්ෂයක් පාසා පවත්වනු ලැබේ. විභාග ප්‍රතිඵල අනුව ජාතික මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ සම්මාන ප්‍රදානය කෙරෙන අතර ලකුණු 40 ට වැඩියෙන් ලබා ගන්නා ශිෂ්‍යයනට සහතික ද ප්‍රදානය කරනු ලැබේ.

හින්දු ධර්මාචාර්ය විභාගය

අරනරි අවසාන විභාගයෙන් සමත් වී, හින්දු ශිෂ්ටාචාරය උසස් පෙළ විභාගය සඳහා හදාරා ඇති ශෛවපුලවර් විභාගයෙන් සමත් වී ඇති  ඉහත සඳහන් සුදුසුකම් සහිත ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් මෙම විභාගය පවත්වනු ලැබේ. පහත සඳහන් විෂය ඊට ඇතුළත් ය.

  • ශිව ආගමේ ඉතිහාසය
  • සෘෂිවරු සහ  ආගමික ව්‍යාපාරයේ නායකයෝ
  • ශිව ධර්මයේ ශුද්ධ වූ ග්‍රන්ථ දොළහ
  • වේදාහමම්
  • හින්දු කෝවිල් කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය

අරනරි ශිෂ්‍යයන්ගේ අවසාන විභාගය

අරනරි පාසලේ ඉහළ පෙළේ ශිෂ්‍යයන් වූද උසස් පෙළ සඳහා හින්දු ශිෂ්ටාචාරය හදාරා ඇත්තා වූ ද අරනරි පාසල් ගුරුවරුන් වූ ද අයගේ ප්‍රයෝජනය සඳහා මෙය විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබේ. පහත සඳහන් විෂයයන් ඊට ඇතුළත් වේ.

  • හින්දු ආගමේ ඓතිහාසික පදනම්
  • හින්දු ආගමේ දාර්ශනික පදනම්
  • හින්දු ධර්මය ජීවන මාර්ගයක් වශයෙන්
  • හින්දු ආගම - සාහිත්‍යය

ශ්‍රී ලංකාවට පැමිණීම

හින්දු ‍කෝවිල්වලට තම සේවා ලබා දීමට හෝ ඒවායේ නවීකරණ කටයුතු කිරීමට කැමති ඉන්දියානු හින්දු පූජකවරුන්ට සහ මූර්ති ශිල්පීන්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ වීසා බලපත්‍ර ලබා ගැනීම නිර්දේශ කරනු ලැබේ.

අදාළ කෝවිල් මෙම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඒවා විය යුතුය. නවීකරණ වැඩවල විස්තර ඇතුළත් ලිපියක් සමග ඉන්දියානු පුද්ගලයන් ගේ (පාස්පෝට්) ගමන් බලපත්‍රවල ප්‍රධාන පිටුවල ඡායා පිටපත් කෝවිල් බලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතුය.

එම ලිපි පහත සඳහන් බලධාරීන් වෙත ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය යුතුය.

  • හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු‍ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
  • ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක

කෝවිලට ඉන්දියානු පූජකවරුන් ගේ / ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ සේවය අවශ්‍ය බවට සහතික කෙරෙන ලිපියක් දිස්ත්‍රික් ලේකම් වරයාගෙන් / ප්‍රාදේශීය ලේකම්වරයාගෙන්, ග්‍රාම නිලධාරීගෙන් ලබා ගෙන ඉදිරිපත් කිරීම අවශ්‍යය. කෝවිල් බලධාරීන් විසින් කෝවිලේ නවීකරණ වැඩ අවශ්‍ය වී ඇති ග්‍රාම නිලධාරී මගින් දිස්ත්‍රික් ලේකම්ට, ප්‍රාදේශීය ලේකම්ට දැනුම් දී ඒ බව සහතික කිරීමේ ලිපියක් ලබාගත යුතුය.

පදිංචි වීසා

රටට පැමිණීමේ වීසා බලපත්‍ර මත පැමිණෙන ඉන්දියානු පූජකවරුන්ට හෝ මූර්ති ශිල්පීන්ට පදිංචි වීසා ලබා ගැනීමටත් පදිංචි වීසා ලබාගත් අයට ඒවා තව දුරටත් දීර්ඝ කර ගැනීමටත් අවශ්‍ය නිර්දේශ ලබා දෙනු ඇත.

පදිංචි වීසා බලපත්‍ර ඉල්ලුම් කරන විට අදාළ පුද්ගලයන්ගේ නම් සහ විදේශ ගමන් බලපත්‍ර අංකය ද සඳහන් කොට වෙන වෙනම ලිපි තුනක් ලියා කෝවිල් බලධාරීන් විසින් පහත සඳහන් අය වෙත ඉදිරිපත් කළ යුතුය.

  • හින්දු ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ
  • ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්
  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක.

ලිපිය සමග පහත සඳහන් ලියකියවිලි අමුණා එවිය යුතුය.

  • සම්පූර්ණ කරන ලද, දෙපාර්තමේන්තුවෙන් ලබාගත් ආකෘති පත්‍රය
  • වීසා බලපත්‍රය ඇතුළුව විදේශ ගමන් බලපත්‍රයේ අවශ්‍ය පිටු
  • පිමිණීමේ හෝ පදිංචි වීසා සඳහා දෙපාර්තමේන්තුවෙන් දෙන ලද නිර්දේශ ලිපිය.

ග්‍රාම නිලධාරී, ප්‍රාදේශීය ලේකම් / දිස්ත්‍රික් ලේකම් විසින් දෙන ලද සහතිකය .

රේගු බදු අත් හැරීම.

ලියා පදිංචි කෝවිල් වල ප්‍රයෝජනය සඳහා පුද්ගලයන් විසින් පරිත්‍යාග කරනු ලබන පිළිම සහ පූජා භාණ්ඩ වෙනුවෙන් රේගු බදු අය කිරීම අත් හැරීම මෙම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරනු ලැබේ.

පහත සඳහන් ලියකියවිලි ඉදිරිපත් කළ යුතුය.

  • හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දොපර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් , මුදල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යන අය වෙත ඉංග්‍රීසියෙන් ලියූ ලිපි. පිළිම හෝ පූජා භාණ්ඩ ද සමග.
  • දෙපාර්තමේන්තුවෙන් නිකුත් කෙරුණු ආකෘති පත්‍රය සම්පූර්ණ කොට ඉදරිපත් කිරීම.
  • ඉහත සඳහන් භාණ්ඩ කෝවිලට පරිත්‍යාග කරන බව සඳහන් කර ඇති පරිත්‍යාග ලිපිය.
  • කෝවිලේ නමට ලැබී ඇති භාණ්ඩ විස්තර සහිත proforma ඉන්වොයිසිය
  • නෞභාර පත්‍රයේ පිටපත
  • නැව්කුලී විස්තරයේ පිටපතක් (මෙම ලියකියවිලි වලින් කට්ටල තුනබැගින්)

‍මල් ආනයනය කිරීම

විශේෂ පූජා කටයුතු සඳහා මල් ආනයනය කිරීම මෙම දෙපාර්තමේන්තුව නිර්දේශ කරන්නේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මගින් බීජ සහ පැළෑටි ආරක්ෂා කිරීමේ අධ්‍යක්ෂ වෙත ය.

මේ සම්බන්ධයෙන් පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

  • කෝවිල ලියාපදිංචි කිරීමේ ලිපිය.
  • මල් ප්‍රභේදවල විස්තර සහ බර සඳහන් කොට හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෙත යවන ලද ලිපිවල පිටපත්.

හින්දු පූජකවරු සහ ස්වාමිවරු

හින්දු කෝවිල්වල සේවය කරන ස්වාමිවරුන්ට සහ පූජකවරුන්ට විශේෂ හැඳුනුම්පතක් නිකුත් කරනු ලැබේ. මේ කාර්යය සඳහා ඉල්ලුම් පත්‍ර ආකෘතියක් නිකුත් කරනු ලැබේ. මේ සඳහා කෝවිලේ භාරකරුගෙන්, ග්‍රාම නිලධාරීගෙන් සහ ප්‍රාදේශීය ලේකම්ගෙන් ලබාගත් සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. සම්පූර්ණ කළ ආකෘති පත්‍රය සමග ඡායාරූප පිටපත් දෙකක් අමුණා එවිය යුතුය.

  • පූජක හැඳුනුම්පත - ලියාපදිංචි කිරීමේ අයදුම් පත මෙහි ක්ලික් කරන්න.
  • ස්වාමි හැඳුනුම්පත - ලියාපදිංචි කිරීමේ අයදුම්පත මෙහි ක්ලික් කරන්න.

අයියප්පන් වන්දනාකරුවෝ

වර්ෂයක් පාසා ඉන්දියාවේ සබරිමලයි අයියප්පා ස්වාමි වන්දනාගමනට සහභාගි වන  ඉල්ලුම්කරුවන්ට විශේෂ හැඳුනුම් පතක් නිකුත් කරනු ලැබේ. මෙම විශේෂ හැඳුනුම්පත තිබෙන අයගේ පහසුව සඳහා විශේෂ කවුන්ටරයක් ඉන්දියානු මහ කොමසාරිස් කර්යාලය ද විවෘත කරනු ලැබේ. ශ්‍රී ලංකා ගුවන් සේවය ද ඒ අයට සහනදායී ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි.

කලාව සහ ගෘහනිර්මාණ ශිල්පය

මෙරට විශ්වවිද්‍යාලවල හින්දු සංස්කෘතිය, සෞන්දර්ය විද්‍යාව, ඉතිහාසය සහ දෙමළ යන විෂයයන් පිළිබඳ පාඨමාල‍‍ා අනුගමනය කරන ශිෂ්‍යයන් සඳහා මෙම දෙපාර්තමේන්තුව කලාව සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ සම්මේලනයක් පැවැත්වීය. හින්දු කෝවිල්වල විවිධ අංශ, ද්‍රවිඩ-මේසර-නගර යන විවිධ සම්ප්‍රදායයන්ට අයත් කෝවිල් සහ චෝල, විජයනගර, හොයිෂල, චාලුක්‍ය, ඔරිස්සා ආදී යුගවලට අයත් කෝවිල් මෙම සම්මේලනයේ විෂයයන් වශයෙන් තෝරා ගන්නා ලදි.

එවැනි පළමුවන පාඨමාලාව 2010 දී පැවැත්විණි.

පර්යේෂණ

මෙම දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පර්යේෂණ සම්මේලන පවත්වනු ලබන අතර එහිදී විවිධ මාතෘකා යටතේ පර්යේෂණ ලිපි ඉදිරිපත් කෙරේ. මේ පර්යේෂණ ලිපි සංග්‍රහ කොට දෙපාර්තමේන්තු ප්‍රකාශන වශයෙන් පළ කර තිබේ.

වර්ෂය ග්‍රන්ථය
2010 විජය නගර පේරාසුම් කලාචාර මරුමලර්චිසුම්.
2009 සෝලප්පෙරසුම් සමය පෙරුනෙරිහලුම්
2008 භක්තිනෙරියුම් පන්පඩ්ඩු කොලන්කලුම්
2007 සංක ඉලක්කියමුම් සමුගමුම්
2003 සිලප්පදිකාරත්තිල් පන්පඩ්ඩු කෙලන්කල්
2002 හින්දු සංස්කෘතිය- නඩනන්කලුම් ඔවියන්කලුම්
2001 හින්දු සංස්කෘතිය - කෝවිල්කලුම් සිට්පන්කලුම්
1998 තමිල් අපතිලුම් ඉලංකයියිලුම් - 13 වන සියවසේ හින්දු ආගමික සංවර්ධනය
1997 තමිල් අරන්ගියල් මරපුහලුම් මට්ටන්කලුම්
1995 තමිල් නාඩාර් වාල්කෙයියල්
1993 තෝදර්පදල්, මොලි, නවීනතුවම්

ශිලා ලිපි

ශිලා ලිපි පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසය දෙමළ සහ හින්දු ශිෂ්ටාචාරය පිළිබඳ පාඨමාලා හදාරන මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පුහුණු පාඨමාලාවක් ඉදිරිපත් කරන ලදී. බ්‍රාහ්මී, අසෝක සහ ශ්‍රී ලංකා ශිලාලිපි මේ සඳහා විෂය කොට ගන්නා ලදී. මෙරට සහ ඉන්දියානු ශිලා ලේඛන විද්‍යාඥයෝ මෙම පන්ති මෙහෙය වූහ.

එබඳු පාඨමාලා දෙකක් 2009 සහ 2010 වර්ෂවලදී පැවැත්විණි.

අරනරි ගුරුවරු සහ ශිෂ්‍යයෝ

විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ධර්මාචාරිය සහ අරනරි අවසාන විභාගවලට පෙනී සිටින අරනරි පාසල් ගුරුවරුන්ගේ සහ ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම වැඩමුළු දීපව්‍යාප්ත පදනමින් පවත්වන ලදී.

පන්නිසෙයි

අප දෙපාර්තමේන්තුවේ පමණක් පැවැත්වෙන පන්නිසෙයි පන්තිවලින් අදහස් කෙරෙන්නේ අරනරි පාසල් සිසුන්ගේ පන්නිසායි දක්ෂතා වැඩි දියුණු කිරීම ය.

ශෛව සිද්ධාන්තම්

මෙම විෂය ක්ෂේතය කෙරෙහි උනන්දුවක් දක්වන අයගේ ප්‍රයෝජන ශෛව සිද්ධාන්ත පන්ති පැවැත්වීම මෙම දෙපාර්තමේන්තුවේ වාර්ෂිකව පැවැත්වෙන ව්‍යාපෘතියකි.

දින 15 ක් තුළ මෙම පන්ති තමිල්නාඩුවේ පරිසර විශාරදයන් විසින් පවත්වන ලදී. එවැනි පාඨමාලා දෙකක් 2008 සහ 2009 වර්ෂවල පවත්වන ලදී.

හින්දු දේශනය

දිවයින පුරා සිටින තරුණ පරපුරට සම්ප්‍රදාය පිළිබඳ දැනුවත්භාවය හින්දු දේශන පවත්වනු ලැබේ.

තයිපොංගල්

හින්දු සංවිධානවල සහායද ලබා ගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාවල සේවය කරන සංවර්ධන සහකාරවරුන් මගින් දිස්ත්‍රික් මට්ටමින් මෙම උත්සවය වාර්ෂිකව පවත්වනු ලැබේ. දෙපාර්තමේන්තුව ද ජාතික මට්ටමේ විශාල උත්සවයක් දිස්ත්‍රික්කයකදී පවත්වයි.

ජාතික දිනය

අපේ ජාතික දිනය නිමිති කර ගෙන මෙම දෙපාර්තමේන්තුව විසින් හැම වර්ෂයේම පෙබරවාරි 4 වැනි දින උදේ හින්දු කෝවිලකදී විශේෂ පූජා පවත්වනු ලැබේ.

මහා ශිවරාත්‍රී

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන සහකාරවරුන් මගින් මෙම උත්සවය හින්දු කෝවිල්වල සහාය ද ලබාගෙන දිස්ත්‍රික් මට්ටමින් වාර්ෂිකව මෙම උත්සවය පවත්වනු ලැබේ. දෙපාර්තමේන්තුව ද උත්කර්ෂවත් අන්දමින් උත්සවයක් ජාතික මට්ටමින් දිස්ත්‍රික්කයක දී පවත්වයි.

දෙමළ සිංහල අලුත් අවුරුද්ද

අප අමාත්‍යාංශය ඒ යටතේ ක්‍රියාත්මක වන වෙනත් දෙපාර්තමේන්තුවල සියලුම කාර්ය මණ්ඩලය සමග වාර්ෂිකව අප්‍රේල් මාසයේදී සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව උත්කර්ෂවත්ව පවත්වයි. ක්‍රීඩා ඉසවු, සාම්ප්‍රදායික කෙළි සෙල්ලම් සහ වෙනත තරග පවත්වා ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනමනු ලැබේ.

නවරාත්‍රී

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන සහකාරවරුන් මගින් හින්දු කෝවිල්වල සහ හින්දු සංවිධානවල සහාය ලබාගෙන නවරාත්‍රී උත්සවය දිස්ත්‍රික් මට්ටමින් වාර්ෂිකව පවත්වනු ලැබේ. දෙපාර්තමේන්තුව ද ජාතික මට්ටමේ උත්කර්ෂවත් උත්සවයක් කිසියම් දිස්ත්‍රික්කයක පවත්වා එහි දී සංස්කෘතික සංගීතමය සහ නර්තනමය දර්ශන වේදිකා ගත කරනු ලැබේ.

දීපවාලී

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන සහකාරවරුන් මගින් හින්දු කෝවිල්වල සහයෝගය ලබාගෙන දීපවාලී උත්සවය දිස්ත්‍රික් මට්ටමින් වාර්ෂිකව පවත්වනු ලැබේ.

ගුරු පූජා

හින්දු සෘෂිවරුන් (නයන්මාර්) වෙනුවෙන් පැවැත්වෙන ගුරු පූජා උත්සව ප්‍රාදේශීය ලේකම්කාර්යාලවලට අනුයුක්ත සංවර්ධන සහකාරවරුන් මගින් හින්දු සංවිධානවල සහයෝගයෙන් දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලැබේ.

කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටුකර ඇති දේශීය කලාකරුවන්ට කලාභූෂණ සම්මානය ප්‍රදානය කරනු ලැබේ. මෙම දෙපාර්තමේන්තුව විසින් එබඳු දෙමළ කලාකරුවෝ වාර්ෂිකව තෝරා ගනු ලබත්.

සාහිත්‍යය, ජනශ්‍රැතිය, සංගීතය, ගෘහ නිර්මාණ ශිල්පය වැනි ක්ෂේත්‍රවල නියුතු වයස අවුරුදු 60ට වැඩි කලා කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

දුර්ලභ ග්‍රන්ථ

හින්දු ආගම. සංස්කෘතිය සහ දෙමළ සාහිත්‍යය පිළිබඳ දුර්ලභ පොත් මෙම දෙපාර්තමේන්තුව විසින් නැවත මුද්‍රණය කරනු ලැබේ. 1981 සිට එබඳු දුර්ලභ පොත් 21 ක් නැවත මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කර තිබේ.

වර්ෂය ග්‍රන්ථ නාමය සංස්කාරක ප්‍රකාශක
2010 සිවවිග්‍රහ කවියල් මහාචාර්ය පී. ගෝපාලක්‍රිෂ්ණ අයියර්
2009 දණ්ඩියාලංකාරම්
තිරුක්කුරසි පුරාණම්

ශ්‍රී ප්‍රශාන්තම් මහතා
කේ. රගුපරන් මහතා
2008 මේන්මක්කල් සරිත්තිරම් බ්‍රහ්ම ශ්‍රී එස්.
රත්නසාමි අයියර්
කේ. ෂන්මුගලිංගම් මහතා
2007 රගුවංශම් බ්‍රහ්ම ශ්‍රී එස්.
ගණේෂ අයියර්
ශ්‍රි ප්‍රශාන්තම් මහතා
2006 ඊලනාඩ්ඩු තමිල්පුලවර්
සරිත්තම්
බ්‍රහ්ම ශ්‍රී එස්.
ගණේෂ අයියර්
කේ. රගුපරන් මහතා
2005 නල්ලූර් සින්නතම්බි පුලවර්
බිරබන්දන්කල්

කේ. රගුපරන් මහතා
2003 සිවඥානබෝධ වසනාලංකාර
දීපම්
ශ්‍රී කාසි සෙන්තිල්නාදයියර් මහාචාර්ය එස්. ක්‍රිෂ්ණරාජා
2002 භාරත අම්මනයි
ආචාර්ය එස්. හමළනාදන්
2001 තිරුවරුද්පයන් කේ. සිවපාතසුන්දරම් මයා
2000 වෙරුහල් ශ්‍රී සිතිර වේලායුදර් කාදල් ඥානසි‍රෝමණී ආර්.වඩිවේල්
1999 යාප්පෙරුන්කලක් කාරිහායි
කේ. රගුපරන් මහතා
1998 වරද පණ්ඩිතම් කේ. රගුපරන් මහතා
1997 තිරුකෝනශාලා පුරාණම් ඒ. ෂන්මුගරත්න ෂර්මා මහතා
1996 ආරුමුගනවලාර් පිරබන්දන්
තිරඩ්ඩු කතිරමලෙයිප්පල්ලු
මුතුකුමාරසාමි
නල්ලුර් ටී. කයිලාස පිල්ලෛ
1995 තච්චන කෛලාස පුරාණම් I
තච්චන කෛලාස පුරාණම් II
යාල්පාන වෛජව මාලෙයි
මහාචාර්ය එස්. පද්මනාදන්
මුදලියර් කේ. සබානාදන්

1993 කෝනේසර් කල්වෙඩ්ඩු පණ්ඩිත් ආර්. වඩිවේලි
1991 ස්වාමි විපුලානන්ද කේ. කනපතිපිල්ලෙයි මහතා
1987 මාතංකචූලමනි ස්වාමි විපුලානන්ද
1981 studies and Translations ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්

පන්පඩු

පන්පඩු යනු වර්ෂය තුළ මාස 4කට වරක් බැගින් පළ කොට බෙදාහරින ප්‍රකාශනයකි. හින්දු දර්ශනය දෙමළ සාහිත්‍ය, දෙමළ කලා, ශිලාලිපි, සාහිත්‍යය පිළිබඳ විවේචනාත්මක සමාලෝචන, සමාජ විද්‍යාව සහ මනුෂ්‍යත්වය යන විෂයයන්ට සම්බන්ධ ලිපි සංග්‍රහයකි. මෙහි මුල්ම ප්‍රකාශනය 1981 දී පළ වූ අතර දැනට කලාප 39 ක් හින්දු පාඨකයන් අතටපත් කර තිබේ.

ගෝපුර

ගෝපුර යනු මෙම දෙපාර්තමේන්තුවේ ත්‍රෛමාසික සඟරාවකි. මෙම ප්‍රකාශනයෙහි පර්යේෂණ සහ ආගමික ලිපි ද දෙපාර්තමේන්තුව සහ හින්දු ප්‍රජාව පිළිබඳ ප්‍රවෘත්ති ද අඩංගු වේ. මෙහි ප්‍රථම ප්‍රකාශන 1980 දී පළ කෙරුණු අතර මේ වන විට පකාශන 19 ක් එළි දක්වා තිබේ. අග්‍රහණය උගතකු වූ නෙත්පුලෝලිය්යුර් එම්. කනපතිපිල්ලෙයි මහතා 1982 සිට 1986 දක්වා මෙහි සංස්කාරක වූ අතර මෙම දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂවරයකු වූ කුමාර්වඩිවේල් මහතා 1989 වර්ෂයේ එහි සංස්කාරක විය. 1990 සිට 2006 දක්වා කාලය තුළ එහි සංස්කාරක වූයේ මෙම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එම්. ෂන්මුහනාදන් මහතා ය. 2007 සිට 2008 දක්වා සංස්කාර වශයෙන් ක්‍රියාකළේ මෙම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්. දේවනායගම් මහතා ය. වර්තමානයෙහි මෙම ප්‍රකාශනයේ සංස්කාරක කටයුතු කරන්නේ මෙම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී දේවකුමාරි හරන් මහත්මියයි.

ලිත

පසුගිය අවුරුදු 19ක කාලය පුරා මෙම දෙපාර්තමේන්තුව හින්දු අලුත් අවුරුද්දට පෙරාතුව අප්‍රේල් මාසයේදී හින්දු ලිත පළ කර තිබේ. ශ්‍රී ලාංකික හින්දු ජනයාගෙන් බහුතරය ස්වකීය ශුභ මුහුර්ත මෙම ලිතෙන් බලා ගැනීමට පුරුදුව සිටී. මේ වන තෙක් මෙ පුස්තිකාව සකස් කර ඇත්තේ මෙම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ එස්. දේවනායගම් මහතාය.

අරනරි පොත්පත්

අරනරි පාසල් සඳහා නියමිත ග්‍රන්ථ එම පාසල්වල සිසුන් වෙනුවෙන් මුද්‍රණය කොට නිකුත් කරනු ලැබේ.

  • ශිව ආගමේ ඉතිහාසය‍
  • ආගමික ව්‍යාපාරයේ සෘෂිවරු සහ නායකයෝ
  • ශිව ආගමේ ශුබ ග්‍රන්ථ දොළස
  • වෙද: සහ අහම:
  • අරනරි අවසාන විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත
  • ධර්මාචාරිය විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර පොත
  • ශෛවපෝදිනී - ප්‍රාථමික, පහළ පෙළ, මධ්‍යම සහ උසස් පෙළ
  • අවෙයියාර් අරිවු සෙල්වම්
  • පන්නිරුමත නිනෛවුක

හින්දු විශ්වකෝෂය

මෙම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන්නේ හින්දු විශ්වකෝෂයේ වෙළුම් සංස්කරණය කොට ප්‍රකාශයට පත් කිරීමේ ව්‍යාපෘතියයි. හින්දු ආගම, හින්දු දර්ශනය, සංස්කෘතිය කලාව, ශාන්තිකර්ම, හින්දු සාන්තුවරු සම්බන්ධ ලිපි මේ වෙළුම්වල අන්තර්ගත වේ.

අදළ ලිපි ලියනු ලබන්නේ මෙරට සහ භාරතීය වියතුන් විසිනි.

දෙපාර්තමේන්තුව විසින් දැනට වෙළුම් 10 ක් ප්‍රකාශයට පත්කර ඇත.

හින්දු විශ්වකෝෂය වෙළුම වර්ෂය ලිපි ‍සංඛ්‍යාව අඩංගු අක්ෂර
I 1990 670 'அ - ஈ'
II 1992 400 'உ – ஒள'
III 1996 149 'க'
IV 1998 172 'கா – கௌ'
V 2000 111 'ச – சா'
VI 2003 111 'சி – சௌ'
VII 2005 205 'ஞா – தி'
VIII 2006 160 'தி – தோ'
IX 2007 130 'ந – நௌ'
X 2009 150 'ப - பௌ'

හින්දු සංස්කෘතිය සහ දෙමළ සාහිත්‍යය පිළිබඳ පොත් ලිවීමට දෙමළ ලේඛකයන් උනන්දු කරනු වස්, ඔවුන් ලියන පොත් දෙපාර්තමේන්තුව විසින් මිල දී ගනු ලැබේ. මිලදී ගැනීම සඳහා එම පොත් තෝරා නිර්දේශ කිරීම සිදු කරනු ලබන්නේ සාමාජික අනු මණ්ඩලයක් විසිනි.

දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය 1998 සිටම ක්‍රියාත්මක කරනු ලැබේ. මිලදී ගනු ලබන පොත් මිටි බැඳ පාසල්වලට සහ මහජන පුස්තකාලවලට බෙදා හරිනු ලැබේ.

බ්‍රාහ්මණ නොවන හින්දු පූජකවරු

මෙම දෙපාර්තමේන්තුව වර්ෂයක් පාසා, බ්‍රාහ්මණ නොවන හින්දු පූජකවරුන් සඳහා දෙසතියක නේවාසික පුහුණු වැඩ සටහනක් සංවිධානය කරයි. මෙම පුහුණු පාඨමාලාව පැවැත්වීමට තමිල්නාඩුවේ වියතුන්ට ආරාධනය කෙරේ. හින්දු කෝවිල්වල කෙරෙන මූලික ආගමික වතාවත් මේ කාලය තුළ පුහුණු කරනු ලැබේ.

හින්දු යෞවනයන් පුහුණු කිරීම

වර්ෂ‍යක් පාසා දිස්ත්‍රික්කයක් තුළ දින 5 - 7 දක්වා කාලයක නේවාසික අධ්‍යාත්මික පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබේ. හින්දු තරුණ පිරිසේ සදාචාරමය සාරධර්ම වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන, අගමික ස්වේච්ඡා සංවිධානයක් වන හින්දු සේවා සංගම් හි සහයෝගය ඇති ව මෙම ප‍ුහුණු වැඩ සටහන සංවිධානය කර තිබේ.

Registration application form Click here

“දැයට කිරුළ”

“දැයට කිරුළ” ඒකාබද්ධ සංවර්ධන වැඩ සටහන යටතේ හැමවර්ෂයකම පෙබරවාරි 4වැනිදායින් ආරම්භ වී පවත්වනු ලබන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා අප අමාත්‍යාංශයට වෙන් කෙරෙන කුටියෙහි ප්‍රදර්ශන කටයුතුවලට මෙම දෙපාර්තමේන්තුව ද සහභාගි වෙයි. දෙපාර්තමේන්තුවේ කටයුතු, ආගමික උත්සව ආදියේ තොරතුරු මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන අතර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශන ද එහිදී ප්‍රදර්ශනය කෙරේ.

පුණ්‍යග්‍රාම ව්‍යාපෘතිය

මහින්ද චින්තන වැඩසටහන යටතේ මෙම පුණ්‍යග්‍රාම ව්‍යාපෘතිය හැම දිස්ත්‍රික්කයකම ගම්බද ජනතාවගේ සදාචාරමය සාරධර්ම නංවාලීමට ක්‍රියාත්මක කරනු ලැබේ.

නන්දි කොඩිය

හින්දු ආගමේ සංකේතය වශයෙන් සැලකෙන්නේ නන්දි කොඩියයි. ඔසවා තැබීම සහ සැරසිලි සඳහා මෙම කොඩිය මුද්‍රණය කොට හින්දු කෝවිල්වලට සහ හින්දු සංවිධානවලට බෙදා හරිනු ලැබේ. වැඩ සටහනේ දැන්වීම් පිටපතක් සමග ලිපියක් මගින් කරන  ඉල්ලීමකින් කෝවිල් බලධාරීන්ට මෙම කොඩි ලබාගත හැකිය.

අරනරි පාසල්

අරනරි පාසල් ප්‍රවර්ධනය කිරීම උදෙසා විවිධ නමින් යුත් ආශ්‍රේය ග්‍රන්ථ මෙම දෙපාර්තමේන්තුව විසින් පළ කරනු ලැබේ. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන මෙම පොත් නොමිලේ නිකුත් කරනු ලැබේ.

නිල ඇඳුම්

පාසලට පැමිණෙන විට පාසල් සිසුන් නිල ඇඳුම් හැද පැමිණෙන ලෙස අරනරි පාසල් ළමයිනට දැනුම් දී තිබේ. එම පාසල් සිසු සිසුවියනට මෙම දෙපාර්තමේන්තුව නොමිලේ නිල ඇඳුම් සපයයි. අරනරි පාසල් ගුරුවරුන් ද නිල ඇඳුමින් සැරසී පැමිණෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. ගුරුවරියනට සාරි ද ගුරුවරුනට වේට්ටි සහ බැනියම් රෙදි ද මෙම දෙපාර්තමේන්තුව නොමිලේ සපයයි.

සංගීත භාණ්ඩ

සාමූහික ආගමික වතාවත් පහසුවෙන් කළ හැකි වනු පිණිස සුරැකි පෙට්ටි සහ තාලම් වැනි සංගීත උපකරණ අරනරි පාසල්වලට සපයනු ලැබේ.

පරිපාලනය සඳහා ලේඛන

පහත සඳහන් පරිපාලන වාර්තා මුද්‍රණය කොට අරනරි පාසල්වලට සපයනු ලැබේ.

  • අරනරි පාසල්වල පැමිණීමේ ලේඛන
    පැමිණීමේ ලේඛනය මුද්‍රණය කොට සිසුන්ගේ පැමිණීම සලකුණු කිරීම සඳහා අරනරි පාසල්වලට සපයනු ලැබේ. මෙම පැමිණීමේ ලේඛන නොමිලේ සැපයේ.
  • විෂය නිර්දේශ සහ ගුරු උපදෙස්පොත්
    අරනරි පාසල්වල විෂය නිර්දේශ සහ ගුරු උපදෙස් පොත් මෙම දෙපාර්තමේන්තුවෙන් සැලසුම් කොට එම පාසල්ගුරුවරුනට නොමිලේ සැපයේ.
  • වාර්තා පොත
    පොත්පත් ගෘහභාණ්ඩ උපකරණ ආදියේ වාර්තා පවත්වා ගනු පිණිස මෙම දෙපාර්තමේන්තුව විසින් හැම අරනරි පාසලකටම මෙම වාර්තා පොත් සපයනු ලැබේ.

අවසන් යාවත්කාලීන කිරීම ( 2022 අප්‍රේල් 26 වෙනි අඟහරුවාදා, 00:50 )